Thursday, April 30, 2020

ස්කෑන් ඇල්පයින් තොරතුරු ලිපි මාලාව | Scan Alpine Newsletter Blog post Intro


ස්කෑන් ඇල්පයින් තොරතුරු ලිපි මාලාව

සුබ දවසක් හැම දෙනාටම!!! 

ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින Scan Alpine පාරිභෝගික ඔබ සැම මේ අසීරු කාලයේ නීරෝගීව හා සුවෙන් සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

කොවිඩ්-19 වයිරසය අපට කියා දුන් පාඩම් බොහොමයකි. හැම මොහොතකම ජීවිතට වගකීමෙන් හා අර්ථවත් ලෙසින් ගත කිරීමේ වටිනාකමත්, ස්වභාව ධර්මයාට හා එකිනෙකාට ගරු කරමින් අනෝන්‍යය සහයෝගයෙන් ගෙවීමේ වටිනාකමත් එයින් කිහිපයකි. එමෙන්ම හැල්මේ දුවන් ගිය ජීවිතෙන් ඔබ අප සියළු දෙනා කෙටි කාලයකට හෝ ලද විරාමය ඵලදායි දෙයකට යොමුකිරීම මඟින් අපේ අනාගතය වඩාත් කාර්‍යක්ෂම කර ගන්නත් පුළුවන්.

ඔබ මේ වනවිටත් දැනුවත් පරිද්දෙන්ම Scan Alpine ආයතනය විසින් නිශ්පාදනය කරනු ලබන සෑම නිශ්පාදනයක් ම අප ආයතනයේ විශේෂ කණ්ඩායමක් විසින් පර්යේෂණ විශාල ප්‍රමාණයකට භාජනය කරනු ලබන අතරම, ඉන් අනතුරුව එම නිශ්පාදන වෙළඳ පළට නිකුත් කිරීමට පෙර ඒ ඒ ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන් අතින් එම නිශ්පාදන අරමුණු කරගත් දේශගුණික, කාළගුණික හා රළු භාවිතය සඳහා අත්හදා බැලීමක් කරනු ලබනවා
.
ඉතිං මුළු ලෝකයම ඇහැට නොපෙනෙන පුංචි වයිරසයක් ඉදිරියේ දණ නමා සිටින මොහොතක, මුළු ලෝකයම අඩපණ වී තිබෙන මොහොතක අපි අලුත් වැඩක් පටන් ගන්නට කල්පනා කළා.

Scan alpine newsletter 1

100% ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් වන අප ආයතනය තරයේ විශ්වාස කරන සාර ගුණාංගයක් නම්, හැකි සෑමවිටම සමාජය වෙනුවෙන් යම් දායාදයක් කළ යුතු බවයි. ඒ
අනුව නමින් ස්කෑන් ඇල්පයින් තොරතුරු ලිපි මාලාව ඔබට හඳුන්වා දෙනවා.
ශ්‍රී ලාංකීය ත්‍රාසජනක හා එළිමහන් ක්‍රීඩා සමූහයේ ඒ ඒ ක්‍රීඩාව හෝ ඉසව්වක් සඳහා ප්‍රවීණත්වය ඔසවනු ලබන වෘත්තිකයන් එක්කාසු කොට, වසර ගණනාවක් පුරා ඔවුන් ලද අත්දැකීම් හා ඉගැනීම් ඔබ සමඟ බෙදා ගන්නට නිර්මාණය කරනු ලබන මෙම වේදිකාව ඔබ සැමට බොහෝ ඵලදායි වනු ඇතැයි අපි විශ්වාස කරමු.

එහි පළමු ලිපිය එළිමහන් හා ත්‍රාසජනක ක්‍රීඩා සඳහා සුදුසු උපකරණ හා ආම්පන්න තෝරා ගැනීමලෙසින් ළඟදීම බලාපොරොත්තු වන්න...






එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...