Monday, June 29, 2020

කඳු තරණයේ දී ආචාරධර්ම, ආරක්ෂාව හා හොඳ පුරුදු (Part II)

ආයුබෝවන්!!! 

සුබ දවසක් හැම දෙනාටම.

    Scan Alpine එළිමහන් උපකරණ ආයතනය (Outdoor Equipment Store) මඟින් ඔබ වෙත සති පතා ගෙන එන තොරතුරු ලිපි මාලාවේ අද අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ පසුගිය සතියේ කතා වූ "හුරු විය හැකි සහ පිළිපැඳිය හැකි ආචාර ධර්ම හා හොඳු පුරුදු" මාතෘකාවේ දෙවැනි කොටසයි.

  1. අනතුරුදායක දේ කිරීමෙන් වළකින්න.යම්කිසි අයුරකින් ඔබට අනතුරක් සිඳු වුවහොත් එමඟින් ඔබේත්, සම්පූර්ණ කණ්ඩායමේත් ආරක්ෂාව ලිහිල්වේ.

Saturday, June 20, 2020

කඳු තරණයේ දී ආචාර ධර්ම, ආරක්ෂාව හා හොඳ පුරුදු (Part I)

කඳු තරණයේ දී ආචාර ධර්ම, ආරක්ෂාව හා හොඳ පුරුදු  (Part I)

ආයුබෝවන්!!! 

සුබ දවසක් හැම දෙනාටම.

Scan Alpine එළිමහන් උපකරණ ආයතනය (Outdoor Equipment Store) මඟින් ඔබ වෙත සති පතා ගෙන එන තොරතුරු ලිපි මාලාවේ අද අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ තවත් වැදගත් මාතෘකාවක් සම්බන්ධවයිසාර්ථක කඳු තරණ අභ්‍යාසයක් උදෙසා කඳු තරණ ක්‍රීඩකයන් ලෙසින් අපට හුරු විය හැකි සහ පිළිපැඳිය හැකි ආචාර ධර්ම හා හොඳු පුරුදු කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ.



 කඳු තරණය, එහෙමත් නැත්නම් Hiking දැන් ලංකාවේ ගොඩක් ප්‍රචලිත විනෝදාංශයක්. තරුණ කණ්ඩායම් , විවිධ ක්‍රීඩා සමාජ, පෞද්ගලික ආයතනවල සේවා මණ්ඩලයන් හා විශ්ව විද්‍යාල සිසුන් ආදී බොහොමයක් දෙනා තමන්ගේ වාර්ෂික විනෝද චාරිකාව හෝ නිවාඩු දවසක් ගත කරන්න දැන් තෝරා ගන්නේ කඳුකර ප්‍රදේශයක්, එහෙමත් නැත්නම් කඳු නැඟීමේ අභ්‍යාසයක්.

කඳු තරණය බොහොම ලස්සන දෙයක්. එයින් ජීවිතයට ලබා දෙන අත්දැකීම් හා මතකයන් මිල කරන්නට බැහැ. ඒ නිතැතින්ම දකින්නට ලැබෙන මනරම් දර්ශනයන්, ශරීර සුවතාවය හා සුවදායක පරිසරය නිසා බව ඇත්ත.

රාජකාරි ජීවිතයේ හිර වෙලා ඉඳලා හෝ ඉවරයක් නැති පාඩම් වැඩ වලින් ඔළුව බර වෙලා ඉන්න කොයි කවුරුත් බලන්නේ මොහොතක හරි නිදහස් හුස්මක් අරන් පපුව පුරවා ගන්නයි.

https://srilankatravelhub.com/
                                         © srilankatravelhub.com

අවුරුදු ගණනක් පුරාවට බොහොමයක් පිරිසක් සමඟ කඳු තරණ අභ්‍යාසයන් බොහොමයක ට සහභාගී වීමෙන් නිරීක්ෂණය කරන්නට යෙඳුණු අනතුරුවලට අත වනන ක්‍රියාකාරකම් කිහිපයක් සටහන් කරන්නේ ආරක්ෂාව සැමවිටම අංක එක යන පණිවිඩය ලබා දීමටයි.

ඒ අතර ජීවිතේ එක් කළෙක ඔබ අප සියළු දෙනා අතීතයේ කඳු තරණයේ යෙදෙන අතරතුර වරක් දෙවරක් හෝ "නොදැන කළ, නොකළ යුතු" කරුණක් දෙකක් තිබෙන්නට පුළුවන්. නමුත් කියවීමෙන් හා තමන්ගේ හෝ අනුන්ගේ අත්දැකීම් මතින් ඉගැනීම අනාගතයේ සිඳුවිය හැකි අනතුරක් වළක්වා ගැනීමට කළයුතුම දෙයක් බව සිහියට ගැනීම වැදගත්.

විශේෂයෙන් ම කඳු තරණ අභ්‍යාසයක් තුළඳී සුළු අත පසු වීමක්, තත්පර බාගයක මොහොතක් ඔබත් ඔබේ සඟයනුත් ජීවිත කාලයක් පුරාවට දුක් වීමට හේතුවන ඛේදවාචකයක මුල වෙන්නට පුළුවන්.

කඳු තරණ අභ්‍යාසයක දී ආරක්ෂාවට මුල් තැන ලැබීමට නම් ක්‍රීඩකයා මනා විනයකින් යුක්ත වීම හා හොඳ පුරුදු වලින් පොහොසත් වීම ඉතාමත් වැදගත්.

              © AGBF Hiking Do Suggestions from REI

වර්තමාන තරුණ පරපුර අතර බොහොම ජනප්ප්‍රිය කඳු තරණය ඔබටත්, ඔබේ කණ්ඩායමේ සියළු දෙනාට වගේම ඔබ කඳු තරණයේ  යෙදෙන අවස්ථාවක ඒ අසළ සිටිනා වෙනත් කඳු තරණ කණ්ඩායමක සාමාජිකයන්ටත් හදිසි අනතුරු හා සිත් රිඳවීම් වලින් තොරව කඳු තරණයේ අසිරිය නිසියාකාරව විඳ ගන්නට උපකාරී විය හැකි කරුණු කාරණා ටිකක් බොහොම කෙටියෙන් ඉදිරිපත් කරන්නම්

  1. ආරක්ෂාව අංක එක. සෑම අභ්‍යාසයකටම පෙර ඔබගේ සහ ඔබගේ කණ්ඩායමේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන්නට අමතක කරන්න එපා.
  2.  එකිනෙකාට හා එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීම, ඇහුම්කන් දීම.මෙහිදී විශේෂයෙන් කණ්ඩායම් නායකයාගේ තීරණවලට ඇහුම්කන් දීසාකච්චා කරවෙනස්කම් කළ යුතු අවස්ථාවන් හී දී බුද්ධිමත් ව කල්පනා කර එම වෙනස්කම් කිරීම කණ්ඩායමක් වශයෙන් සාර්ථක වීමට බලපාන ප්‍රධානතම කරුණකි. ඔබ කණ්ඩායම් නායකයෙකු නම් සිහි තබා ගත යුතු කරුණ නම් තනි තීරණ ගැනීම වෙනුවට කණ්ඩායමක් ලෙස සාකච්ඡා කර තීරණ ගැනීමට යොමු වීමෙන් වඩාත් සාර්ථක පිළිතුරක් ඕනෑම ගැටළුවකට සොයා ගත හැකි බවයි
  3. එමෙන්ම කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ඔබ තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණය වන්නේ කණ්ඩායමේ නායකයාට හෑ සෙසු සාමාජිකයන් ට ඔබගේ සහාය හැමවිටම ඉතාමත් වටිනා බවයි.
  4. ඔබ කඳු තරණයේ යෙදෙන අතරතුර ගීත රසවිදීමට කැමති අයෙක් නම්, ඔබගේ හෙඩ් ෆෝන්ස් ඒ සඳහා යොදා ගැනීමෙන් එමඟින් අන් අයට හා පරිසරයේ නිහඬබවට ඇති වන බලපෑම නැති කර ගත හැක. පරිසරයේ නිහඬබවට හා ස්වභාවික ශබ්දයන් වලට සවන් යොමු කරන්න.
  5. අතර මඟදී හමු විය හැකි වෙනත් කඳු තරණ කණ්ඩායම් වල සාමාජිකයන් නොමනා විහිළු කිරීම් හා ඔවුන්ගේ නිදහස නැතිවන අන්දමින් කටයුතු කිරීමෙන් වැළකීම.
  6. අවසරපත් ලබා ගතයුතු හා විශේෂ අවසර ලබාගෙන ඇතුළු විය යුතු (උදා: රක්ෂිත) අවස්ථාවලදී නිසි පරදි අවසර ලබා ගැනීම.
  7. පරිසරයට හානි වන අයුරින් ගස් / අතු කපා දමමින්, තුවාල කිරීමෙන් වැළකීම. ජල මූලාශ්‍ර අපවිත්‍ර කිරීමෙන් වැළකීම.
  8.  ඔබ සංචාරයේ යෙදෙන ප්රදේශයේ සාමාන් ජන ජීවිතයට හා වැසියන්ට හිරිහැරයක් වන කිසිවක් කිරීමෙන් වැළකීම.
  9. දුම් වැටි, මත් පැන් ආදිය කිසිවක් වනාන්තර තුළට රැගෙන යාමෙන් වැළකීම හා මත් පැන් පානය කර කඳු තරණයේ යෙදීමෙන් වැළකීම.
  10. තමන් ගෙන යන දිරා නොයනා කිසිවක් වනාන්තරය තුළ දැමීමෙන් වැළකීම හා හැකි හැමවිටම දිරා නොයනා කිසිවක් වනාන්තර පද්ධතියක් තුළ ඇස ගැටුණු විට නිසි පරිදි එකතු කර වනාන්තරයෙන් බැහැරට රැගෙන ඒම. ඉතුරු වූ ආහාර කොටස් ආදිය පවා පරිසරයේ අතැර දමා ඒමෙන් වළකින්න. හැකිසෑම විටම ඔබ සමඟ රැගෙන එන්න.
  11. බළධාරීන් විසින් පිහිටුව ඇති විධි විධාන සඳහන් පුවරු කඳු තරණයේ යෙදෙන විට ඔබට හමු විය හැක. "මෙම සීමාවෙන් ඉඳිරියට ඇතුළු වීම තහනම්" ආදී වශයෙන්. එම විධානයන්ට අවනත වන්න. එම විධාන පුවරු එම ස්ථානවල පිහිටුවා තිබෙන්නේ යම් වැදගත් හේතුවක් නිසා බව අවබෝධ කර ගන්න.
  12. හැකි සෑමවිටම තවත් අයෙකු නිවැරදි දෙයක් කිරීමට යොමු කරවන්න. එමඟින් අප නොදැනුවත්වම අප ජීවත් වන සමාජය වඩාත් යහපත් සමාජයක් බවට පත්වේවි.
  13. සෑම විටම කණ්ඩායමේ මඟ පෙන්වන්නාට ඇහුම්කන් දෙන්න. ඔවුන්ගේ උපදෙස් නිසි ලෙස පිළිපඳින්න.
  14. මුණ ගැසෙන අනෙකුත් කඳු නඟින්නන්ට හා පුද්ගලයන් හා සුහදශීලීව සිනාසීමෙන් හා කතා කිරීමෙන් ඔබද තෘප්තිමත් වේවී.
  15. ඔබගේ සහ ඔබගේ කණ්ඩායමේ සඟයන් පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න.
  16. ඒ ඒ සංස්කෘතීන්ට හා ඔබගේ හා ඔබට මුණ ගැහෙන අනෙකුත් අයගේ විවිධ අවශ්‍යතාවයන්ට හා මානසික තත්වයන්ට ඉවසීමෙන් මුහුණ දෙන්න. කඳු තරණය ශාරීරිකව මෙන්ම මානසිකවත් බොහොම වෙහෙසරකර ක්‍රීඩාවක්.
         දෙවනි කොටසින් යලිත් දවසක මුනගසෙමු.












එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...