Monday, June 29, 2020

කඳු තරණයේ දී ආචාරධර්ම, ආරක්ෂාව හා හොඳ පුරුදු (Part II)

ආයුබෝවන්!!! 

සුබ දවසක් හැම දෙනාටම.

    Scan Alpine එළිමහන් උපකරණ ආයතනය (Outdoor Equipment Store) මඟින් ඔබ වෙත සති පතා ගෙන එන තොරතුරු ලිපි මාලාවේ අද අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ පසුගිය සතියේ කතා වූ "හුරු විය හැකි සහ පිළිපැඳිය හැකි ආචාර ධර්ම හා හොඳු පුරුදු" මාතෘකාවේ දෙවැනි කොටසයි.

  1. අනතුරුදායක දේ කිරීමෙන් වළකින්න.යම්කිසි අයුරකින් ඔබට අනතුරක් සිඳු වුවහොත් එමඟින් ඔබේත්, සම්පූර්ණ කණ්ඩායමේත් ආරක්ෂාව ලිහිල්වේ.
  2. ආනතියෙන් වැඩි කඳු මුඳුනක සිට පහළට පැමිණීමේ දී සිග් සැග් (Zig - Zag) ක්‍රමයට පැමිණීමෙන් දෙපා වලට දැනෙන වෙහෙස අවම කර ගත හැක. විශේෂයෙන්ම බත් කෙණ්ඩ (Calf muscle) මාංශ පේශියට.
  3.  © Trekthehimalays.com
  4. ආනතිය වැඩි (Incline) කඳු මුහුණතක් තරණයේ දී බෑගයේ පටිය කුඩා කොට ශරීරය මඳක් ඉඳිරියට බර කිරීමෙන් ඔබට  විශාල පහසුවක් ලබා ගත හැක. එමෙන්ම පල්ලමක දී (Decline) ශරීරයේ බර මඳක් පසු පසට යොදන්න.
  5. How to Poop Outdoors: A step-by-step guide to Leave No Trace ...
      © bearfoottheory.com

  6. ඔබගේ සිරුර අනවශ්‍ය ලෙස රත් වීමට ඉඩ නොදෙන්න. අවශ්‍ය නොවන ඇඳුම් ස්තර සුදුසු පරිදි සුදුසු වේලාවන් හී දී ඉවත් කරන්න. නිතරම ජලය පානය කරන්න.මිනිස් මළ නිසි පරිදි බැහැර කරන්න. මේ සඳහා සාමාන්‍යය සම්මත ක්‍රමය නම් අවම වශයෙන් අඟල් 6ක් පමණ වලක් හාරා ඒ තුළ විධිමත් ලෙස වල දැමීමයි. මෙහිදී ජල පෝෂක ප්‍රදේශ හා ජල මූලාශ්‍ර වලින් බැහර විය යුතුය. නමුත් ඔබට නිසි අයුරින් මිනිස් මළ Plastic සිපර් මළු වල අසුරා පසුව බැහැර කිරීමේ ක්‍රමයකට හුරු විය හැකි නම් එය වඩාත් සුදුසු වේ. ලෝක ප්‍රසිද්ධ සමහර කඳු තරණයන් හී දී / මාර්ගයන් හී දී ඔබට ඇති එකම විසඳුම මෙය විය හැක.
  7. සීතල දැනීගෙන එන මොහොතක හෝ අවට පරිසරයේ උෂ්ණත්වය අඩු වීමක දී අමතර ඇඳුම් ස්ථරයක් හෝ කීපයක් අවස්ථාවට සුදුසු පරිදි පළදින්න. විශේෂයෙන්ම ඔබගේ නාසය, ඇඟිළි තුඩු ආදිය හොඳින් ආවරණය කර ගන්න. අධික ශීතලක දී මෙම ශරීර කොටස් ඉක්මණින් ෆ්‍රොස්ට් බයිට් තත්වයට පත්වීමේ අවධානම පවති.
  8. How to Pack Light for Traveling | REI Co-op
       ©Rei Co-op

  9. කඳු තරණය සඳහා ඔබ රැගෙන යන බෑගය කිහිප වාරයක්ම හොඳින් වේලාව රැගෙන බලන්න. ඔබගේ ගමනේ සැළැස්ම මනසින් හොඳින් විමසා බැලීමෙන් අනවශ්‍යය දේ රැගෙන යෑමෙන් බෑගය බර වැඩි වීම වළක්වා ගත හැකි වනවා සේම අත්‍යාවශ්‍ය කිසිවක් අමතක කර දමා යෑමත් වැළකේ.
  10. ලිස්සා වැටීම් බොහොමයකට මුල, විනයකින් තොරව කඳු කර පද්ධතියේ හැසිරීම. මතක තියා ගන්න , තල්ලු කළේ විහිළුවට උනත් වැටෙනකොට වැටෙන්නේ ඇත්තට.
  11. "ශිල්ප සතර පෙන්වීමට ඉඳිරිපත් වීම", එහෙමත් නැත්නම් "වැඩ පෙන්වීමට යාම". නිවැරදි ආරක්ෂිත උපකරණ, දැනුම හා තාක්ෂණය නොමැතිව අනුන් ඉදිරියේ වැඩ පෙන්වීමට යාම අනුවණ කමක්.වර්තමානය වන විට බොහොමත් ම ජනප්‍රිය "සෙල්ෆි" කලාව නිසාත් බොහොමයක් දෙනෙක් අනවශ්‍යය අවධානමක් ගැනීමට පෙළබීමේ ප්‍රවණතාවයක් දකින්නට පුළුවන්.
  12.  කෙතරම් පැහැදිලිව අඩි පාරක් දකින්නට තිබුණත් වනාන්තරයක කඳු තරණයක යෙදීම මහ මාර්ගයක ගමන් කිරීමක් නොවන බව බොහෝ දෙනා තේරුම් නොගැනීම. මේ හා බැදෙන තවත් දෙයක් තමයි තමන්ගේ හැකියාවන් ගැන අධි තක්සේරුවකින් යුතු වීම. ඔබට ආගන්තුක ප්‍රදේශයක් නම් හැම විටම මඟ හොඳින් දන්නා අයෙකු සම්බන්ධ කර ගන්න.
  13. තනිව හා ආධුනිකයන් පමණක් සැඳුම් ලත් කණ්ඩායමක් මෙවන් අභ්‍යාසයන් වල යෙදීම.
  14. Ranking the 10 Best First Aid Kits of 2020 – Best Survival
       © Best Survival

  15. හදිසි අවස්ථාවක දී කටයුතු කිරීමට නොදැන සිටීම, ප්‍රථමාධාර ගැන නොදැන සිටීම හා ප්‍රථමාධාර කට්ටලයක් සන්තකයේ නොතිබීම.
  16. ආරක්ෂාව අපිට විතරක් නෙමෙයි, රටේ වනාන්තර පද්ධතියටත්, ඒ තුළ ජීවත් වන සියලුම සතුන්ටත් වැදගත් දෙයක්. දුම් වැටි මඟින් ගිනි ඇති වීමේ අවධානම සහ වනාන්තරයේ පිහිටීමට හානි කරමින් කොළ අතු කපමින් කුණු කසළ දමා ඒමත් ආරක්ෂාව ගැන කතා කරන මොහොතක සිහියේ තබා ගත යුතු දෙයක්.
  17. Huge Wild elephant waiting for food ! - YouTube
    ©The Wild Elephant Youtube
  18. සතුන්ට කෑම ලබා දීමෙන් වැළකීම, ආගන්තුක ශාක වර්ග ඔබ ගමන් ගන්නා පරිසරයට මුසු කිරීම, එම පරිසරයෙන් සතුන් හා ශාක වර්ග රැගෙන ඒම ආදිය නොකරන්න.
  19. විනෝදය වැදගත්. නමුත් ආරක්ෂාව අංක එක.
  20. කඳවුරු ගත වීමක දී කඳවුරු බිමෙහි හා කූඩාරම තුළ පිරිසිඳු බව ගැන සැළකිලිමත් වන්න. කූඩාරම තුළට සපත්තු සමඟ ඇතුළු නොවීම, ඉවත ලන ආහාර, පසුව නිසි ලෙස බැහැර කිරීම සඳහා වෙනම ප්ලාස්ටික් කවරයක අසුරා තැබීම උදාහරණ ලෙස දැක්විය හැකිය.
  21. කඳවුරුගත වීමක දී කූඩාරම් ඇටවීම සඳහා සකස් කර ඇති කඳවුරු බිම් පමණක් භාවිතා කරන්න. ගිනි මැළයක් දැල්වීමේ දී ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග හා පරිසරයට අවම හානියක් වන ලෙස කටයුතු කරන්න. ආහාර පිළියෙක කිර්‍රිම සඳහා ගිනි මැළයක් දැල්වීම වෙනුවට ඉන්ධන මඟින් ක්‍රියාත්මක කළ හැකි අතේ ගෙන යා හැකි ලිපක් භාවිතයට හුරු වන්න.
  22. අතිශය සංවේදී පරිසර පද්ධති නැරඹීමට යෑමෙන් වැළකීම මෙන්ම, අත්‍යාවශ්‍ය කරුණක් සඳහා ඔබ එවන් පරිසර පද්ධතියකට ඇතුළු වූවේ නම් ඒ පිළිබඳව විස්තර සමාජගත කිරීමෙන් වළකින්න.
  23. නිසි පුහුණුවක් හා පුහුණුවට අදාළ අත්දැකීම ලබා තිබීම.
    Advice Workshop TTEC | Thru hiking, Appalachian trail, Hiking
      © TTEC Training

    අන්තර්ජාලය තුළින් වීඩියෝවක් නැරඹීමෙන් හෝ පොතක කියවීමෙන් පසුව හෝ නිසි පුහුණුවක් හා අත්දැකීම් ලද, නිසි පුහුණුව ලත් අයෙකුගේ අධීක්ෂණය යටතේ නිසි ලෙස අත්දැකීම් ලබා ගැනීමට පෙර කඳු තරණය හා ආශ්රිත ක්රියාකාරකම් වල යෙදීම බෙහෙවින්ම අනතුරුදායක බව සිහි තබා ගන්න.

මේ සඳහා හොඳම උදාහරණය නම් රියැදුරු බලපත්රය ලබා ගැනීමට පෙර ඔබ විසින් සම්පූර්ණ කළ යුතු ක්රියා පටිපාටිය සිහියට නඟා ගන්න. කඳු තරණයේ දී භාවිතා වන ගැට වර්ග හා තාක්ෂණික උපකරණ පිළිබඳ නිසි පුහුණුවක් නොමැතිව හා කටයුතු කිරීමෙන් සිදු විය හැකි විනාශය ඉමහත්.

ඉහත සඳහන් කළ කරුණු අල්පයට අමතරව තවත බොහොමයක් කරුණු කාරණා ගැන ඔබේ අවධානය යොමු කිරීමෙන් බොහොම සරලව හා සැහැල්ලුවට ඔබේ විවේක කාලය ගත කරන්නට යන කඳු මුඳුන මත ජීවිතේ අමතක නොවන සුන්දර මතකයන් ගොඩක් එකතු කර ගන්න ඔබට හැකියාව ලැබේවී

ඔබත් වගකීමෙන් කටයුතු කරන කඳු තරණ ක්‍රීඩකයෙකු වන්න.

හොඳයි එහෙනම්, මීළඟ සතියෙන් කඳවුරු ගතවීමක දී කූඩාරමක් සකස් කර ගැනීම පිළිබඳව වීඩියෝ පටයකින් හමු වෙමු.


ස්තූතියි!






No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...