Saturday, July 11, 2020

කොරෝනා වසංගතයෙන් පසු කඳු තරණය - Camping after Lockdown

කොරෝනා වසංගතයෙන් පසු කඳු තරණය - Camping after Lockdown

ආයුබෝවන්!!! සුබ දවසක් හැම දෙනාටම.

Scan Alpine එළිමහන් උපකරණ ආයතනය (Outdoor Equipment Store) මඟින් ඔබ වෙත සති පතා ගෙන එන තොරතුරු ලිපි මාලාවේ අද අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ බොහොම කාලීන මාතෘකාවක් සම්බන්ධවයි.


ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයත් සමඟ අඩපණවී ගිය අපගේ සියළුම එදිනෙදා වැඩකටයුතු වලට අමතරව කඳු තරණයට සහ අනෙකුත් එළිමහන් ක්‍රියාකාරකම් වලට ප්‍රිය කරන අපි කාටත් එම ක්‍රීඩාවලින් වෙන් වී නිවෙස් වලටම වී මාස කිහිපයක් ම ගත කිරීමට සිඳු වුණා.

කොරෝනා අවදානම මේ වන විට යම් තාක් දුරකට ශ්‍රී ලංකාවෙන් තුරන් වී තිබුණත් තවමත් රජය මඟින් සංචරණ සීමා මුළුමිනින්ම ලිහිල් කර නැහැ. ඉතිං මෙවන් අවස්ථාවක අප කවුරුත් බලාපොරොත්තුවෙන් සිටින්නේ සංචරණ සීමා ලිහිල් වූ විගස අප ආදරය කරන කඳු මුඳුන් සොයා යෑමටයි.

වගකීම් සහගත පුරවැසියෙක් ලෙසින් රජය හා සෞඛ්‍යය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපඳිමින් ආරක්ෂිතව, සමාජයට කරදරයක් නොවෙමින් විනෝද ගමනක්, එහෙමත් නැත්නම් කඳු තරණ අභ්‍යාසයක් සැළසුම් කර ගන්නේ කොහොමද කියන එක ගැන අදහස් ටිකක් අද සාකච්චා කරමු.

                                            ©srilankahotels.com

 1.     ඔබ යාමට පෙරඔබ සංචාරය කිරීමට අදහස් කරන ප්‍රදේශය විවෘතව පවතින බවට වග බලා ගන්න. වසංගතය තුළ අදාළ වන නීති සහ සීමාවන් දැන ගන්නඒ ඒ වනාන්තර හා වනෝද්‍යාන සඳහා නිර්මිත වෙබ් අඩවි මඟින් සොයා බැලීම මඟින් මෙන්ම ඒ ප්‍රදේශයන් ට අදාළ පොලිස් ස්ථානග්‍රාම සේවක නිළධාරීන්ගෙන් අසා දැන ගැනීමට හැක. එමෙන්ම අදාළ නිසි අවසරයන් ලබා ගන්න.

 ©theholidaycollective.com

 2.      හැකි සෑම විටම ඔබ හොඳින් දන්නා හඳුනන පුද්ගලයන් සමඟ සංචාරය කරන්න. ඔබ අමුත්තන් සමඟ සංචාරය කරන්නේ නම් ඔවුන්ගේ විස්තර රැස් කර තබා ගන්න.

 ©Rei.com

3.      ඔබ යම්කිසි අසනීප තත්වයකින් පෙළෙන්නේනම් අදාළ සංවිධායකයන් දැනුවත් කරන්න.ඔබේගේ අසනීප තත්වය සඳහා බෙහෙත් රැගෙන යන්න අමතක නොකළ යුතුය. එමෙන්ම උණ, හෙම්බිරිස්සාව ආදී රෝග ලක්ෂණ පවතී නම් එම චාරිකාවට එක් නොවී සිටින්න.

 ©blog.cheapism.com


4.      ජනාකීර්ණ විය හැකි ස්ථාන මඟ හරින්න. විශේෂයෙන්ම සති අන්තයන් හී දී ඇතැම් ආකර්ෂණීය ස්ථාන බෙහෙවින් ම ජනාකීර්ණ විය හැක. 

 ©dailymirror.lk

5.     උද්‍යාන වෙළඳසැල් සහ පහසුකම් විවෘත වී නොතිබිය හැකි නිසා  ඔබේ සංචාරයේදී ඔබට අවශ්‍ය ආහාර, ජලය හා සනීපාරක්ෂක ද්‍රව්‍යය (සබන්, වැසිකිලි කඩදාසි ) ආදිය නිසි පරිදි සැළසුම් කර අසුරා ගන්න. 

Help us Keep Our Parks Open and Safe (COVID-19) | Napa Outdoors

6. සමාජ දුරස්ථභාවය හැකි සෑම විටම පවත්වා ගන්න. මුඛ ආවරණ නිසි ලෙසෙ පැළඳීම හා දෑත් නිසි පරිදි සබන් ගා සේදීම ආදී යහපත් සෞඛ්‍යය පුරුදු පිළිපඳින්න. 

7.       විශේෂයෙන් අධි අවදානම් ක්‍රියාකාරකම් අභියෝග කිරීමෙන් වළකින්න. ඔබ නිරත වන ත්‍රාසජනක ක්‍රියාකාරකම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. හදිසි අනතුරක දී ඔබට සහය ලබා දීම සඳහා පිටත් කර එවීමට සෞඛ්‍යය අංශ හා ආරක්ෂක අංශ වල පිරිස් හිඟයක් පැවතිය හැක. එමෙන්ම මෙවන් අවස්ථාවක ඔවුන්ගේ සේවාවන් වඩාත් වැඩියෙන් අවශ්‍යය වන්නේ රට තුළ නැවතත් මෙම වසංගත තත්වය ඇති නොවීම උදෙසායි.

Waste Services | Dufferin County

8.       කුණු හා භාවිතයෙන් ඉවත ලන සියළු දේ සෞඛ්‍යය ආරක්ශිතව හා පරිසර හිතකාමී ලෙසින් බැහැර කරන්න.

9.     කුඩා ළමුන් හා වියපත් පුද්ගලයන් බාහිර සමාජයට අනවශ්‍යය ලෙසින් නිරාවරණය වීම අවම කරන්න.

Wildfire smoke worsens coronavirus risk, putting firefighters in ...

10.  ඔබට අතරමඟ දී මුණ ගැසිය හැකි වෙනත් කණ්ඩායම් හා පුද්ගලයන් ගේ පුද්ගලිකත්වයට ගරු කරන්න. ඔබ මෙන්ම ඔවුන්ට ද එම ස්ථාන නිසි ලෙස විඳීමට ඉඩ ලබා දෙන්න.

නැවතත් තවත් ලිපියකින් හමු වෙමි. එතෙක් වගකීම් සහගත සංචාරකයෙක් ලෙසින් ඔබේ යුතුකම ඔබේ රට වෙනුවෙන් ඉටු කරන්න.


ස්තූතියි!

 



 


No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...