Friday, January 22, 2021

කඳු තරණයට මුල් පියවර

 



දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතර මඟ

සුබ දවසක් හැම දෙනාටම!!! හොඳයි, මේ ලිපිය ඔබේ නෙත ගැටුණා කියන්නේ ඔබ " Scan Alpine" ත්‍රාසජනක ක්‍රීඩා සමාගමේ ෆේස්බුක් පිටුවේ සමාජිකයෙක්.

මේ වෙනවිටත් ඔබ දන්නවා අපි සෑම අඟහරුවාදා දිනක් ම වෙන් කර තිබෙන්නේ සීතල හිමාලයේ ගවේෂණයක් සඳහා මඟ බලමින් ඉන්න අපේ පළපුරුදු කඳු නඟින්න්නන් වෙනුවෙන් කියලා.

සෑම බ්‍රහස්පතින්දා දිනකම ඔබ හමුවට අපි එන්නේ බාහිර ගත ක්‍රියාකාරකම් වලට අලුතින් ම යොමුවෙන ඔබ සැම වෙනුවෙන් දැනුම හා අපේ අත්දැකීම් අරගෙනයි. අපි මේ ලිපි පෙළ ලියන්නේ කඳුතරණයට ආධුනික ක්‍රීඩකයන්ට මුළ සිටම ශක්තිමත් පදනමකින් තමන්ගේ දැනුම වර්ධනය කර ගන්න පුළුවන් ආකාරයට බොහොමත් ම සරලවයි.


කියන්නේ ඔබ කඳු තරණයට හා අනෙකුත් ත්‍රාසජනක ක්‍රීඩාවන් ප්‍රිය කරන කරන, දැනටමත් නියැළෙන හෝ සහභාගී වීමට ආසවෙන් ඉන්න අයෙක්.

හොඳයි එහෙනම් මේ ලිපි පෙළ ඔබට ඉතාමත් වැදගත් වෙයි කියලා අපි හිතනවා. මොකද දෙයක් හරියට, ආරක්ෂාකාරීව හා සාර්ථකව කරන්න ආසාව විතරක් තිබිලා මදිනේ. ඔබ සියළු දෙනාටම වඩාත් සැළසුම් සහිතව, ආරක්ෂාකාරීව මේ ක්‍රීඩාවේ යෙදීමට අවශ්‍යය දැනුම බෙදා හදා ගැනීමයි මේ ලිපි මාලාවේ අරමුණ. සඳහා බොහොම පරිණත සහ කඳුතරණය සහ ආශ්‍රිත ඉසව්ව වලට බොහොමත් ආදරය කරන අපේ කණ්ඩායමේ සමාජිකයන්ගේ සහාය සහ කාලය ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ගෙන ඒමට ලැබිලා තියෙනවා.

Hotels doesn’t let you have the raw experience of the place - Easemytrip.com

සමහර විට ඔබ කඳු තරණයට යොමු වීමට බලාපොරොත්තු වන්නේ ක්‍රීඩාවක් ලෙසින් වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් එදිනෙදා ජීවිතයේ කාර්‍යයබහුල බවින් බොහොතකට මිදෙන්නට හෝ විනෝදාංශයක් විදියට වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ස්වභාව ධර්මය සමඟ මිශ්‍ර වෙමින් ඡායාරූපකරණයේ යෙදෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත්, ඔබත් කඳු තරණයට ආධුනික අයෙක් නම් ඔබේ දැනුම, ශාරීරික යෝග්යයතාවය, පෙර අත්දැකීම් වල මට්ටම ආදිය මත ඔබ ඔබ ගැනම අධ්‍යයනයක් කර ගැනීම ඇත්තටම
උචිතයි.

එමඟින් ඔබ තවත් දැනුම හා අත්දැකීම් ලබා ගත යුතු පරාසයන් පිළිබඳව අවබෝධයක් ලැබේවී.

කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ වගේම ඕනෑම ආධුනිකයෙක් කැපවීමෙන් සහ මහන්සියෙන් ඉතාමත් දක්ෂ කඳු තරණ ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නත් පුළුවන් කියන එක අමතක නොකළ යුතු දෙයක්.

ඉතිං අපි අද හිතුවා ඉස්සෙල්ලාම කඳුතරණය හා ඒ ආශ්‍රිත පසුබිම ටිකක් කතා කරලා ඉන්න එක හොඳයි කියලා.

 


 කඳුතරණ අභ්‍යාසයක නිරත වෙනවා කියන්නේ, අපි වටා ලෝකයේ ලස්සන දකින්න, අලුත් අත්දැකීම් වලින් පරිණත වෙන්න, ඒකාකාරී ජීවිතෙන් මිඳිලා අලුත් පණක් ලබන්න පුළුවන් ක්‍රමයක්.

මීට අමතර ව එදිනෙදා ජීවිතයේ සිත් තැවුල්, පීඩාවන් වලින් මිඳිලා හිත සහ ගත නැවුම් කර ගන්න පුළුවන් එක ක්‍රමයක්.



ඒ වගේම ඉඳ හිටලා දවසක හොඳ ඇඩ්‍රිනලින් ටිකක් අපේ ඇඟට ඕන බව අමතක කරන්න හොඳ නෑ.

නැවුම් වාතාශ්‍රයෙන් පෙනහළු පුරවාගෙන, උණුසුම් හිරු එළිය ටිකක් විඳලා, තෙත බරිත තණපිටි මතින් හමන් එන සීතල සුළඟ ටිකක් විඳලා අපේ මේ ලස්සන රටේ සුන්දර දර්ශන ඇස් පුරා දකින්නත් අවස්ථාවක් ලැබෙනවා කඳුතරණයේ යෙදෙන හැම වෙලාවකම.



Photographs - Menaka Aravinda and Damith Wickramasinghe

ජීවිතේ කළින් වතාවක කරලා නැති බොහොම විනෝද ජනක අත්දැකීම් ලබන්න, කන්දක් උඩ  කූඩාරම රාත්‍රිය ගත කරන්න, අපි විසින්ම පණවාගෙන තිබූ අපේ සීමාවන් අභිබවා යන්න, හරියට උස් තැන් වලට තියෙන බිය වගේ ( මේ වගේ දේවල් බොහොම බුද්ධිමත් ව, කල්පනාකාරීව කරන්න ඕන බවත් අමතක කරන්න හොඳ නෑ.), විතරක් නෙමෙයි අපිට කරන්න බෑ කියලා හිතන් සිටි, ආසාවෙන් හිටි යමක් කරන්න, හරියට තනියම මහන්සි වෙලා කඳුවුරු ගින්නක් ගහන්න වගේ ගොඩක් අත්දැකීම් සහ රසබර මතකයන් ගොඩක් අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ක්‍රීඩාවක්, විනොදාංශයක් තමයි කඳුතරණය කියන්නේ.

Reina Hasumi - @reina_climbs Instagram


මීට අමතරව අපි බලමු ශාරීරික සෞඛ්‍යය අතින් අපිට ලැබෙන වාසි මොනවද කියලා.

Scan Alpine අපි විශ්වාස කරන දෙයක් තමයි, ස්වභාව ධර්මයට තියෙනවා මිනිසාගේ හිත හා ශරීරය නිරෝගීමත් කරලා, හිත හා ශරීරය දෙකම ශක්තිමත් කරන්න පුළුවන් ක්‍රිමවේදයක්.

මොකද සෑම කඳුතරණයකට පස්සෙ, ඇඟේ පතේ අමාරුකම් කෙසේ වෙතත්, අපේ හිතට සහ ශරීරයට දැනෙන නැවුම් බව පුදුමයි.

මීට අමතරව,

1.
ශරීරයේ මාංශ පේශීන් ශක්තිමත් වීම
2.
මානසික සුවය ලැබීම
3.
මුළු ශරීරයටම හොඳ ව්‍යායාමක් ලෙසින්
4.
ආත්ම ශක්තිය වැඩි දියුණු වීම
5.
අනවශ්‍යය මේදය දහනය වීම

වැනි දේ කඳු තරණය මඟින් අපිට ලබා ගත හැකිමිල කළ නොහැකි වාසි ලෙසින් දැක්විය හැකියි.

An Introduction to mountaineering - Buzzfeed


හොඳයි ඔබ කඳුතරණය ක්‍රීඩාවක් ලෙසින් හෝ විනෝදාංශයක් ලෙසින් හෝ ආරම්භ කරන්නට ආසාවෙන් සිටි අයෙක් නම් ඔබ දැන් දන්නවා එයින් ඔබට ලබා ගන්න පුළුවන් බොහොමයක් දේවල් ගැන.

අපි එහෙනම් මුලින්ම බලමු සාර්ථක ක්‍රීඩා දිවියකට බලපාන ප්‍රධානතම සාධක 3ක් පිළිබඳව කතා කරලා ඉමු.

කඳුතරණය නම් ක්‍රීඩාවට ආදරය කිරීම.එනම් හුදෙක් කැමැත්තෙන් එහා ගියා ගෞරවණීය හැඟීමක් තිබීම.

·         නොකඩවා පුහුණුවීම් වල යෙදීමට සූදානම් වීම. පුහුණුව සාර්ථකවත් ආරක්ෂාකාරීවත් දීර්ඝ කාලයක් ක්‍රීඩාවේ නියැලීමට ඉඩ ලබා දේ.

·         නොකඩවා ඉගැනීමට කැමති වීම. දැනුම යාවත්කාලීන කර ගැනීමකින් තොරව කිසිම ක්‍රීඩාවක කිසිම ක්‍රීඩාකයෙකුට පැවැත්මක් නැති බව මතක තබා ගත යුතු දෙයක්.

ඊළඟට අපි කතා කරමු ඔබ කඳු තරණයට අලුතින් ම යොමු වෙන කෙනෙක් නම්, කොහොමද අපි ඒ ගමන ආරම්භ කරන්නේ කියලා. මේ මූලික කරුණු වලින් මේ මාතෘකාව පිළිබඳව මූලික අදහසක් ලබා ගෙන තවත් මූලාශ්‍රයන් මඟින් ඔබේ දැනුම වර්ධනය කර ගන්න ඔබට පුළුවන්.

1. මුලින්ම ඔබ කරන්න ඕනෑ දේ තමයි තමන්ගේ ශරීර සෞඛයය පිළිබඳව අවධානය යොමු කරන එක. 

Mountaineering fitness and training - RMI Expeditions


මෑතකදී සිඳු වූ හදිසි අනතුරක් හෝ රෝගාබාධායක් ඇත්නම් පිළිබඳව කල්පනාකාරී වෙන්න. මේ සඳහා හොඳම දේ තමයි දොස්තර මහත්තයෙක් මුණ ගැසිලා තමන්ගේ වත්මන් ශරීර සෞඛයය පිළිබඳව සුදුසු පරීක්ෂණයකට මුහුණ දීමෙන් වඩාත් හොඳ අවබෝධයක් ලබා ගන්න එක.

2. සුදුසු ව්‍යායාම මඟින් තමගේ ශරීර ශක්තිය වැඩි දියුණු කර ගැනීම.



Training and fitness for Mountaineering Athlete - Steemit

මේ මඟින් ඔබගේ දරා ගැනීමේ හැකියාව හා ශාරීරික ශක්තිය මෙන්ම ඉවසීමේ ගුණයත් වැඩි දියුණු කර ගන්න පුළුවන්.

3. මීළඟ පියවර තමයි සුදුසු ආම්පන්න තෝරා ගැනීම.

Pin on Camping - Pinterest


වර්තමානයේ සුලබව දකින්නට ඇති දෙයක් තමයි ආම්පන්න විශාල ප්‍රමාණයක් ගොඩ ගසා ගැනීමට ඇති කැමැත්ත. නමුත් කඳු තරණයක දී ඔබට මේ සියල්ල රැගෙන කඳු මුඳුනට යාමට සිඳු වන බව මතක තබා ගන්න.

වගේම තමයි එක්වරම විශාල මුදලක් වැය කරමින් ඔබ මිලදී ගන්නා දේ ප්‍රායෝගිකව ඔබ තෝරා ගත්ත ඉසව්ව සඳහා ඔබට සාධාරණයක් ඉටු නොකිරීම හෝ භාවිතයේ දී අපහසුතා ඇති වීම.

මේ සඳහා වඩාත් සුදුසුම දෙය නම් ඔබගේ උවමනාව පැහැදිලිව මෙවන් උපකරණ අලෙවි කරන ස්ථානයක සේවය කරන්නනට පවසා ඔවුන්ගේ සහාය ලබා ගැනීම හා ඔබ දන්නා කඳු තරණය පිළිබඳව අත්දැකීම් හා දැනුම ඇති අයෙකුගේ සහාය ලබා ගැනීම.

4. ඔබගේ ශාරීරික යෝග්‍යයතාවය හා අනෙකුත් සාධක මත වඩාත් අසීරුතාවයෙන් යුතු නොවන එක් දින කඳු තරණයක් තෝරා ගන්න.

Camping Pro Tips for Picking a Great Camping Location - Giga Camping & Outdoor Gear Guides 

එමඟින් එම ඉසව්වේ දී ඔබගේ සීමාවන් පිළිබඳව වඩාත් ප්‍රායෝගික ඇඟයීමක් කළ හැක. අනුව ඔබගේ ඉදිරි ඉසව් සැළසුම් කර ගැනීමේ හැකියාව ඔබට ලැබේ.

5. ඔබගේ ගමන සඳහා විශ්වාසන්ත හා අත්දැකීම් සහිත සඟයන් කිහිප දෙනෙක් එකතු කර ගන්න. නැත්නම් වගකීම් සහිත සේවා සපයන්නෙකුගේ සහාය ලබා ගන්න.

Adventure Consultants Alpine Climbing Course


මේ සෑම අවස්ථාවක දීම ඔබගේ වර්තමාන රෝගී තත්වයන් හෝ ශාරීරික සීමාවන් පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න. ඔබගේ පුද්ගලික බෙහෙත් වර්ග රැගෙන යන්න. හදිසි අවස්ථාවක් දී භාවිතය සඳහා එම බෙහෙත් ඔබගේ ගමන් මල්ලේ ගබඩා කර ඇති ස්ථානය හා නිවැරදි මාත්‍රාවන් පිළිබඳව ඔබගේ සඟයන් දැනුවත් කරන්න.

6. ඔබගේ ගමන පිළිබඳව හා නැවත පැමිණීමට බලාපොරොත්තු වන කාල රාමුව පිළිබඳව පවුලේ හිතවතෙකු දැනුවත් කරන්න.

Camping preparation before you go - Cool Camp Gears 

7. කඳු තරණ දිනයේ දී වගකීම් සහගතව එම ඉසව්වේ යෙදෙන්න. පරිසරයට, වන සතුන්ට හෝ අනෙකුත් සාමාජිකයන් හිරිහැර වන අයුරින් කටයුතු නොකරන්න. පරිසරය විනාශ කිරීමෙන් වළකින්න.

 A Scouter's guide to teaching Leave No Trace ethics - Scouting magazine 

8. අත්දැකීම් මඟින් ඉගෙන ගන්න. තමන් පිළිබඳව හෝ තම හැකියාවන් පිළිබඳව අධිතක්සේරුවක් කිරීමෙන් වළකින්න. දිනෙන් දින තම හැකියාවන් හා දැනුම වැඩි දියුණු කර ගන්න.

9. කිසිම අවස්ථාවක වනාන්තරය අවතක්සේරු කිරීමෙන් සහ ඔබේ හැකියාවන් අධි තක්සේරු කිරීමෙන් වළකින්න.

10. ඔබගේ උපකරණ මනා පරිහරණයට පුරුදු වන්න. එමෙන්ම සම්පත් (උදා: ජලය, ආහාරානිසි පරිදි කළමනාකරණයට හුරු වන්න.

Food management when mountaineering  - The HotFridayTalks

මෙමඟින් නාස්තිය අවම වී වඩා දිගු කාලයක් ඔබගේ උපකරණ වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවත් ඉතාමත් වැදගත් යමක් මෙහි සඳහන් කරන්නට කැමතියි. කාලයත් සමඟ අත්දැකීම් සමඟ ඔබට අනන්‍යය වූ විලාශයක් සොයා ගන්නට පුළුවන්.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී එක් එක් පිති කරුවා එකිනෙකාගෙන් වෙනස් වගේම කඳුතරණ කණ්ඩායමකත් එකිනෙකාගේ දක්ෂතාවයන් සහ හැකියාවන් එකිනෙකට වෙනස්. ආරම්භයේ සිටම ඔබේ හැකියාවන් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කර ගන්න. නොහැකියාවන් සහ අඩු පාඩු, හැකියාවන් කර ගන්නට සිතට ගන්න.

ඉතිං එහෙනම් මෙතෙක් කල් ආසාවෙන් පුල පුලා බලා සිටි ක්‍රීඩාවේ යෙදෙන්නට පළමු පියවර තබන්නට ඔබ මූලික දැනුමෙන් සූදානම්.

කියවන්න, පුහුණුවන්න, අසා දැන ගන්න. මෙයයි නවක ඔබට දෙන්නට පුළුවන් හොඳම උපදේශය.

මොකද ඔබ කඳු තරණයක යෙදෙනවා නම් බොහෝ විට වනාන්තර ආශ්‍රිතව, මිනිස් ජනා වාසයන්ගෙන් තරමක් හෝ ඈත් වෙලා.

අපි හැමදාම කියන්නේ අවධානමට පෙර සූදානම ගොඩක් වැදගත් කියලා.


Hiking in Japan - Pinterest


ඉතිං අදට මේ ලිපිය අවසන් කරන්නයි මේ සූදානම. අපේ මීළඟ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබ ඉස් ඉස්සෙල්ලාම කඳුතරණයක යෙදෙනවා නම් ඊට සූදානම් වෙන්න ඕන කොහොමද කියන එකයි.

ඔබේ සහ කඳුතරණයට හිතැති ඔබේ මිතුරන් අතරේ  මේ ලිපි / දැනුම සංසරණය කරමින් මේ ලිපිමාලාවෙන් ඔබ හැමදෙනාම උපරිම ඵල නෙලා ගනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි.

ඒ වගේම තවම අපේ එළිමහන් ක්‍රීඩා උපකරණ වෙළඳ සැල වෙත පැමිණීමට නොහැකි වුණා නම් ඒ සඳහාත් ආරාධනා කරන්න මේ අවස්ථාව යොදා ගන්නවා. කොල්ලු පිටියේ Lalons ගොඩනැඟිල්ලේ පහළ මහළේ ප්‍රධාන පාරට මුහුණලා අපේ වෙළඳ සැල පිහිටා තියෙනවා.

 

සටහන: නදීශ දිලුම් දිසානායක
Scan Alpine කණ්ඩායම

4 comments:

  1. ගොඩක් වැදගත් මූලාරම්බයකට සප් එකක් උනා මේ දැනුම..
    ප්‍රායෝගිකව එකතු වෙලා කරන්න සැලසුමක් හදලා අපිටත් කියන්න 0768890234

    ReplyDelete
  2. ගොඩක් වැදගත් මූලාරම්බයකට සප් එකක් උනා මේ දැනුම..
    ප්‍රායෝගිකව එකතු වෙලා කරන්න සැලසුමක් හදලා අපිටත් කියන්න 0768890234

    ReplyDelete
  3. ගොඩක් වැදගත් මූලාරම්බයකට සප් එකක් උනා මේ දැනුම..
    ප්‍රායෝගිකව එකතු වෙලා කරන්න සැලසුමක් හදලා අපිටත් කියන්න 0768890234

    ReplyDelete

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...