Chaos at the Top of the World - Nirmal Purja Project Possible Ltd |
ශ්‍රී ලාංකිකයන් හිමාලය කඳු පංතිය ආශ්‍රිත කඳු තරණයන් ට යොමු වීම මින් දශක කිහිපයකටම පෙර සිට සිඳු වූවක් වුවත් 2016 මැයි 21 පාන්දර 5:03 ට අපේ මේ පුංචි රටේ නම මීටර් 8848 උසකින් එහෙමත් නැත්නම් අඩි 29,029 උසකින් යුතු ලෝකයේ මුඳුනට අරන් යන්නට ජයන්ති කුරු-උතුම්පලා සමත් වීමත් සමඟ ලෝකයේ උසම කඳු මුඳුන ගැන වෙන කවදාවත් නැති තරමට ම විශාල කතා බහක් ශ්‍රී ලංකාව තුළ ඇති වුණා.
Jayanthi Kuru-Utumpala waving the Sri Lankan flag on the summit of Mount Everest at 5:03 am on 21st May 2016 - Wikipedia |
මේ හපන්කම කරන්නට
සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා හා ශ්‍රී ලාංකික කාන්තාව වන්නට ඇයට පුළුවන්
වුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් තම නාමය සනිටුහන් කරමින්.
ඇයගේ කඳු තරණ සඟයා වූ
ජොහාන් පීරිස්ට එවරස්ට් කඳු මුඳුනට මීටර් සිය ගණනක්
තිබිය දී තම වෑයම අත් හැර දමන්නට සිඳු වී තිබුණේ ඔහුට ආශ්වාස කරන්නට තිබී
ඔක්සිජන් ටැංකියේ වායුව අවසන් මට්ටමට ළඟා වෙමින් තිබූ නිසයි. කෙසේ වුවත් 2018 මැයි 22 වෙනිදා උදේ
Johann Peries successfully summited after embarking on a 48-day expedition at Mt. Everest at 5.55 am Nepal time on the morning of 22 May - Wikipedia |
Do or Die' expedition - Daily news paper online |
ජයන්ති හා ජොහාන්ගේ වික්‍රමයත් එක්ක ශ්‍රී ලංකාව තුළ ත්‍රාසජනක ක්‍රීඩා හා විශේෂයෙන් කඳු තරණය පිළිබඳව ඇති වුණ උද්දීපනය අති මහත්. මේ උද්දීපනයට තවත් සාධකයක් වුණේ ශ්‍රී ලංකාව තුළ තිරගත වූ Everest 2015) චිත්‍රපටයයි. (Link: https://www.youtube.com/watch?v=dOHS-mxn0RQ)
https://chrissieham.wordpress.com/2015/09/20/everest-2015/ |
ඉදහිට එවන් කතාබහකට
සම්බන්ධ වීමට ලැබුණු අවස්ථාවක දෙකක පෙනීගිය කාරණයක් නම් තවමත් කඳු තරණය
නම් ක්‍රීඩාව හෝ ක්ෂේත්‍රය පිළිබඳව පැහැදිලි අවබෝධයක් බහුතරයක් දෙනාට නැති
බවයි.
" දවස්
කීයෙන් ඔය කන්ද නඟින්න පුළුවන්ද?" , "අපරාදෙනේ මීටර් පොඩි
ගාණක් විතරක් යන්න ඉතුරු වෙලා තියෙද්දි එක්කෙනෙක් හැරිලා
ඇවිල්ලා තියෙන්නේ " , " සල්ලි තිබ්බ නම් අපිත් ඕක නඟිනවා" ආදී
දෙබස් අපට ඇසුණේ හා අපෙන් ඇසුවේ වරක් දෙවරක් නොවේ.
අප සමඟ
කතා බහට එක්වූ හා අපෙන් එවරස්ට් තරණය ගැන විමසූ සැමට අප පැහැදිලි කළේ මුදල්
තිබූ පමණින් ලෝකයේ උසම කඳු මුඳුන තරණය කළ නොහැකි බවත්, ඒ සඳහා ඇවැසි පෙර පුහුණුව හා
අත්දැකීම ගැනත්, එවරස්ට්
තරණයට යොමුවන ඕනෑම ක්‍රීඩකයකු මුහුණදෙන කටුක හා ත්‍රාසජනක, අන්තරාකාරී අත්දැකීම
ගැනත් ය.
ලෝකයේ උසම කඳු
මුඳුනේ ඉතිහාසය ගැන කෙටි යමක් ලියා තබනවා නම් අමතක කළ නොහැකි නම් කිහිපයක් තමයි ශ්‍රීමත්
ජෝර්ජ් එවරස්ට් (Sir George
Everest), ටෙන්සින්ග්
නොර්ගේ (Sharpa
Tenzing Norgay ) හා ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි (Sir Edmund Hillary),
ජෝර්ජ් මැලෝරේ (George Mallory) හා සැන්ඩි
අර්වින් (Sandy Irvine
) කියන්නේ.
Mount Everest and Sir Everest - https://austria-forum.org/ |
Edmund Hillary (left) and Sherpa Tenzing Norgay (right) with expedition leader Colonel John Hunt (centre) in Katmandu after descending from Everest |
1953 මැයි 29 වන දින උදෑසන 11.30 ට ඉතිහාසයේ ඔවුන්ගේ නාමය රනින්
සනිටුහන් කරමින්, එවරස්ට් කඳු
මුඳුන ප්‍රථමයෙන් තරණය කළ දෙපළ
වන්නට ටෙන්සින්ග්
නොර්ගේ (Sharpa
Tenzing Norgay ) හා ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි (Sir Edmund Hillary) යන වීරියවන්ත මිනිසුන් දෙපළ සමත් විය.
The 1924 Everest expedition team, with (rear left and second left) Sandy Irvine and George Mallory, Photograph courtesy of The Times |
ඒ මේ කෙසේ
නමුත් 1924 දී දක්ෂ කඳු
තරණය ක්‍රීඩකයෙකු හා එවරස්ට් ගවේෂණ චාරිකාවල පුරෝගාමියෙකු වූ ජෝර්ජ් මැලෝරේ (George Mallory) හා සැන්ඩි
අර්වින් (Sandy Irvine
) 1953 ගවේෂණයට පෙර
එවරස්ට් කඳු මුඳුන තරණය කරන්නට ඇති බව අද දක්වාත් විශ්වාස කරන විශාල පිරිසක් සිටී.
නමුත් එම ගවේෂණය අතරතුර ඔවුන් දෙදෙනාම මිය යෑමෙන් හා ඔවුන්ගේ කැමරාව කිසි දිනෙක්
සොයා නොගැනීමෙන් එදා මෙදා තුර එවරස්ට් ඉතිහාසයේ ලොකුම අභිරහස සදාකාලයටම වැළලී ගොස්
ඇත.
George Mallory and Andrew Irvine in June 1924. This is believed to be the last image of the men before they disappeared. Photograph: AP |
1999 මැයි 01 වන දින ජෝර්ජ් මැලෝරේ ගේ දේහය එවරස්ට් කඳු මුඳුන් අශ්‍රිතව සොයා ගනු ලැබූවත් ඔවුන්ගේ කැමරාව සොයා ගන්නා දිනයක් මේ වන තුරු ම අභිරහසක් හා කතිකාවත පැවතෙනු ඇත.
ඉතිං නැවතත් අපේ ප්‍රධාන
මාතෘකාවට එමු.
ලෝකයේ උසින් වැඩිම කඳු මුඳුන එවරස්ට් කන්ද බව හැමදෙනාම දන්නා කරුණක්. හිමාලය කඳු වැටියේ මීටර් 8000ට වඩා උසින් වැඩි තවත් යෝධ කඳු මුඳුන් 13ක් සමඟින් එවරස්ට් කඳු මඳුන ලොව ඉහළම කඳු මුඳුන ලෙසින් විරුධාවලිය ලබන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 8,848 / අඩි 29,029 ක ඉහළින් වැජඹෙමින්.
South Col to Summit Route Map - Via alpklubspb.ru |
නමුත් එවරස්ට් ගැන කතා කරද්දී අප බොහෝ දෙනා අතින් නිසි අවබෝධය නොමැතිකමින් හෝ "කතාවට පහසුව" නිසා හෝ සිදුවන නිවැරදි නොවන භාවිතයක් තියෙනවා.
එවරස්ට් මූලික කඳවුර යනු එවරස්ට් කඳු මුඳුන තරණය කිරීමේ ගවේෂණ වලදී හමුවන කඳවුරු පහෙන් පාමුලම ඇති කඳවුරයි.
එවරස්ට් මූලික කඳවුර කඳු තරණය අතරතුර (ඡායාරූපය: ඇවිදින්නෝ 2016 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය) |
කඳු තරණය පිළිබඳව විශේෂ තාක්ෂණික දැනුමකින් (Climbing techniques ) හා උපකරණ (Climbing equipment ) රහිතව ක්‍රීඩකයෙකුට හෝ විනෝදය ළඟා වීමට හැකියාව පිණිස කඳු තරණය කරන්නෙකුට එවරස්ට් කඳු මුඳුන තෙක් වූ ගමන් මඟෙහි ළඟාවිය හැකි පහසුම ස්ථානය මෙයයි. නමුත් මුහුදු මට්ටමේ සිට ඉතාමත් ඉහළ උසක සිදු කරන අභ්‍යාසයක් නිසාවෙන් නිවැරදි පුහුණුව, සූදානමින් හා අධීක්ෂණයකින් යුක්තව පමණක් කළයුතු අභ්‍යාසයක් බව අනිවාර්‍යන්ම මතක් කළ යුතුයි.
Via outdoorjournal.in |
උසින් වැඩි කඳු මුඳුන් තරණය කරන්න කඳු නඟින්නන් භාවිතා කරන උපක්‍රමයක් තමයි කඳවුරු කීපයක් මුහුදු මට්ටමේ සිට උසින් විවිධ ස්ථාන කීපයක සකස් කර ගැනීම. මේ කඳවුරු සාමාන්යයෙන් මූලික කඳවුර, පළමු කඳවුර, දෙවන කඳවුර , තෙවන කඳවුර හා සිව්වන කඳවුර දක්වා දිව යනවා. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට උසින් මීටර් 8000 වඩා වැඩි නම් කඳවුරු 04ක් පමණ භාවිතා වන අතර උසින් අඩු හා තරණය කරන්න අසීරුතාවයෙන් අඩු නම් කඳවුරු ප්‍රමාණය අඩු වෙනවා.
මුහුදු මට්ටමේ සිට මීටර් 5,364 / අඩි 17,598 උසකින් පිහිටි මෙම එවරස්ට් මූලික කඳවුර එවරස්ට් ගවේෂණ කණ්ඩායම් තමන්ගේ කූඩාරම් අටවා ගනිමින් ඉදිරි කටයුතු හා පුහුණුවීම් සිඳු කරනු තුරු විවේක ගන්නා හා ප්‍රධාන මෙහෙයුම් හා සැපයුම් කඳවුරයි.
මීට අමතර ව පිළිවෙලින්
අනෙක් කඳවුරුවල උස මුහුදු මට්ටමේ සිට Camp 1 6,000m (19,685ft) / Camp 2 6,400m (21,000ft) /
Camp 3 7,200m (23,625ft) / Camp 4 7,950m (26,085ft).
Yeah, a long way to Base Camp but the real fun begins now! Via reddit.com |
මේ කඳවුරු වල තමයි සති ගණනක් පුරා දිවෙන ගවේෂණ චාරිකාවට උවමනා කරන ආහාර, බෙහෙත්, ඉන්ධන ආදී සියළුම දේ ගබඩා කරන්නේ. මින් මූලික කඳවුර තමයි පරිබාහිර ලෝකය සමඟ වඩාත් ම සම්බන්ධ වෙමින් සම්පූර්ණ ගවේෂණ චාරිකාව මෙහෙය වන්නේ.
ලංකාවේ බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නා සංකල්පයක් තමයි මේ කඳවුරුවල පිහිටීම හා කඳු මුඳුන දක්වා තරණය කිරීමේ වෙනස.
ඡායාරූප අංක 01: එවරස්ට් කඳවුරු පිහිටීම (ඡායාරූපය: අන්තර්ජාලයෙන් ) |
උදාහරණයකට ගත්තොත්, ලෝකයේ උසම කඳු මුඳුන ලෙස සැළකෙන එවරස්ට් කඳු මුඳුන (8,848 m / 29,035 ft ) දක්වාත් ඉහත සඳහන් කළ ආකාරයටම කඳවුරු 04ක් දකින්නට පුළුවන්. ඉන් පසුව තමයි කඳු මුඳුන තියෙන්නේ. නියමිත පුහුණු වීම් හා හැඩ ගැසීම් අවසන් කරලා මේ කඳවුරු 04 පහු කරලා කඳු මුඳුනට ළඟා වෙන්නට දින ගණනාවක දුෂ්කර අත්දැකීම් සමූහයකට මුහුණ දිය යුතුයි.
ලුක්ලා ගුවන් තොටුපළ (ඡායාරූපය: ඇවිදින්නෝ 2016 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය) |
ශ්‍රී ලාංකිකයන් සැළකිය යුතු පිරිසක් එවරසට් මූලික කඳවුර (Everest Base Camp) නේපාලයේ ලුක්ලා ගුවන් තොටු පළේ සිට ගමන් ආරම්භ කරමින් සාර්ථකව නිමා කර තිබෙනවා. ඒ ගවේෂණය පවා බොහොම වෙහෙසකර හා කඳු උණ (AMS) ලෙසින් සාමාන්‍යය ව්‍යවහාරයේ දී හඳුන්වන මුහුදු මට්ටමේ ඉහළට යන විට ඇති විය හැකි රෝගයක් හා ඔට්ටු වෙමින් කළ යුතු වනවා. මේ පිළිබඳව වැඩි විස්තර අප ඉදිරි ලිපියකින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.
එවරස්ට් මූලික කඳවුර (ඡායාරූපය: උදාන්ත පතිරණ 2017 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය) |
නමුත් බොහොමයක් අවස්ථාවල එම සාර්ථක එවරස්ට් මූලික කඳවුරු ගවේෂණ පිළිබඳව මෙරටේ ඇති වන කතිකාවත් හීදී භාවිතා වන්නේ "එවරස්ට් නැග්ගා " යන යෙදුමයි.
කඳු තරණය පමණක් නෙමෙයි ඕනෑම ක්‍රීඩවක දී නිවැරදි යෙදුම් හා තාක්ෂණය යොදා ගන්නට හුරු වීම බොහොම වටිනවා. එමඟින් බාහිර පාර්ශවයන්ට වැරදි පණිවිඩයක් ලැබීම වළකිනවා. ඔබගෙන් එම පණිවිඩය ලබා ගන්නා අයෙක් එයින් නිවැරදිම දේ ලබා ගන්නවා ඇති. වර්තමානයේ බොහෝ දෙනා විනෝදයට කඳු තරණයේ යෙදුණත් අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාවක් ලෙසින් කඳු තරණයේ දියුණුවට එය බෙහෙවින් ම දායක වේවී.
එවරස්ට් මූලික කඳවුර (ඡායාරූපය: උදාන්ත පතිරණ 2017 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය) |
හැකි හැමවිටම නිවැරදි මූලාශ්‍ර පරිහරණය කරමින් හා අත්දැකීම්
හා දැනුමින් සන්නද්ධ කඳු තරණ ක්‍රීඩකයන්ගෙන් පුහුණුව නිවැරදි ලෙස ලබා ගනිමින් ඔබේ දැනුම තියුණු කරගන්න.
ස්තූතියි.
Scan Alpine කණ්ඩායම
·
No comments:
Post a Comment