Sunday, May 17, 2020

නිවැරදිව "බැක්පැක්" (Backpack) එකක් තෝරා ගැනීම


නිවැරදිව "බැක්පැක්" (Backpack) එකක් තෝරා ගැනීම


ආයුබෝවන්!!! 

සුබ දවසක් හැම දෙනාටම.

Scan Alpine ආයතනය (Scan Alpine Camping Equipment Store) මඟින් ඔබ වෙත සති පතා ගෙන එන තොරතුරු ලිපි මාලාවේ අද අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ " නිවැරදිව බැක්පැක් (Backpack) එකක් තෝරා ගැනීම" සම්බන්ධවයි.එළිමහන් ක්‍රියාකාරකමක දී අවශ්‍යය කරන කෑම, වතුර, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් උපකරණ සියල්ලම ඔබට රැගෙන යෑමට සිඳු වන්නේ ඔබේ Backpack එක තුළයිඑමෙන්ම සමහර කඳුතරණයන් පැය කීපයකට සීමා වුණත් සමහර ඉසව්වන් දින, සති ගණනක් පුරා දිව යනවාඑම නිසා ඔබේ නිවැරදි තේරීම, සම්පූර්ණ අභ්‍යාසය පුරාවට ම ඔබගේ සුවපහසුව හා ආරක්ෂාව කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරාවි.



අපි Backpack එකක් භාවිතා කරන්නේ ඇයි කියන කාරණාව සැළකිල්ලට ගතහොත් ප්‍රධානවම පහත කරුණු සහඳන් කරන්න පුළුවන්.

  • තමන්ට අවශ්යය කරන ආම්පන්න, උපකරණ නිසි ලෙසින් අසුරා ගැනීමට
  • දෑත් නිදහසේ තබා ගැනීමට
  • වැඩි ද්‍රව්‍යයය ප්‍රමාණයක් රැගෙන යෑමට
  • රැගෙන යන ද්‍රව්‍යයන් ආරක්ෂිතව රැගෙන යෑමට


මේ අනුව අප Backpack එකක් තෝරා ගැනීමේ දී සැළකිලිමත් විය යුත්තේ ත් මෙම මූලික අවශ්‍යතාවයන් කොතරම් දුරකට ඉටු වෙනවා ද යන්නයි.

හොඳයි එහෙනම් බොහොම වැදගත් කරුණු කීපයක්, හැමෝටම කියවන්න පහසු විදියට කෙටියෙන් සඳහන් කරන්නම්.

  • තමන්ගේ වුවමනාව නිවැරදිව වටහා ගැනීම
පැවැත්ම යනු බලාපොරොත්තුව, ඔබේ උනන්දුව පවත්වා ගැනීම සහ වැසි වැටෙන විට සිනාසීම - Bear Grylls

අධික මිලක් දී Backpack එකක් මිලදී ගැනීමට පෙර වෙළඳ පොලේ පවතින තේරීම් ගැන සොයා බලන්න. අන්තර්ජාලයෙන් සොයා බලන්න. මිල දී ගැනීමට පෙර ඔබ සතුව ඇති ගැටළු හා ප්‍රශ්න සෘජුව නිශ්පාදකයාගෙන් හෝ අලෙවිකරුවාගෙන් විමසා සිටින්න.

  • අවම බරකින් යුක්ත වීම.
 ඔබට එතරම් විශාල ධාරිතාවක් අවශ්‍ය නොවේ නම්, 40-50L බැක්පැක් එකක් සලකා බලන්න

මතක තබා ගන්න. ඔබට තවත් බොහෝ දේ රැගෙන යා යුතු බව. දිගු අභ්‍යාසයක් පුරාවට අධික බරක් ඔසවා සිටීම ප්‍රියජනක අත්දැකීමක් නම් නොවේවී. නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ නිශ්පාදනය වී ඇති අලුත් අමු ද්‍රව්‍යය, මෙලෙස යම් උපකරණය ක බර අඩු කිරීම කෙරෙහි සඳහා බොහෝ සෙයින් ඉවහල් වේ.

  • විශේෂ ආකෘති හා නිර්මාණශීලිත්වය

Shoulder support
Chest Support
Images from Rei.com


එළිමහන් ක්‍රියාකාරකම් ලොවපුරා අතිශයින් ජනප්‍රිය වීමත් සමඟ ඒ සඳහා වාණිජමය මැඳිහත් වීම වර්ධනය වී ඇත. මේ නිසා විවිධ නිශ්පාදන සමාගම් තම නිශ්පාදන කැපී පෙනීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කරමින් පර්යේෂණ සඳහා කාලය බොහෝ සෙයින් වැය කරමින් විශේෂිත ආකෘති නිර්මාණයක කර ඇත.

ඒ අනුව මූලිකව ම, ශරීරයට සුවපහසු ලෙසින් හා එල්ලාගෙන සිටින බර, ඔබට අවම ලෙසින් දැනෙන ආකරයෙන් විශේෂ ආකෘති සහ එහි පටි වලින් ශරීරයට අවම පීඩාවක් ලබාදෙන ආකාරයෙන් නිමැවූ Backpack එකක් සොයා ගන්න. නිතර වුවමනා වන කළමනා (වතුර, කෑම, විදුලි පන්දම්) ආදිය රඳවා තබා ගැනීමට ඉක්මනින් හා පහසුවෙන් භාවිතා කළ හැකි සාක්කු සහිත වීම මේ සඳහා තවත් උදාහරණයක්

  • නිවැරදි විශාලත්වය

ඔබට අවශ්‍යය සියළු උපකරණ හා මෙවලම් රැගෙන යා හැකි වඩාත් විශාල නොවන, වඩාත් කුඩා නොවන Backpack එකකින් ඔබට ලැබෙන වාසි බොහොමයක් තියෙනවා.

  • කාළගුණික තත්වයන්ගේ ආරක්ෂාව ලැබීම
ඔබ වැස්සේ කඳවුරු බැඳගෙන සිටින විට වැදගත් ආම්පන්න සම්පූර්ණයෙන්ම වියළී යයි සහතික කරගන්න


වැස්ස, හිම පතනය සහ අව්ව එළිමහන් ක්‍රියාකාරකම් සමඟින් අත්වැල් බැඳගත් බාධක හා අභියෝගයන්. ඔබ තෝරා ගන්නා Backpack එක මඟින් ඒ ඒ කාළගුණික තත්වයන්ට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වන්න.

මතක තබා ගන්න. නිසි ප්‍රමිතියකින් යුතු Backpack එකක් භාවිතයෙන් කොන්ද හා උරහිස් ආශ්‍රිතව රෝගාබාධයන්ට ගොඳුරු වීමේ සම්භාවිතාව අවම කර ගැනීමටත්, වඩාත් සිත් සැනසීමෙන් ඔබ ප්‍රිය කරන එළිමහන් ක්‍රියාකාරකමෙ හි නිරත වීමට ඉඩ හසර ලබා දේවි.

එමෙන්ම තවත් විශේෂිතම වූ කරුණක්!!!

Backpack එකක් නිසියාකාරයෙන් පැළඳීම හා භාවිතයෙන් හොඳම එකක් මිලදී ගන්නා එක ද වැදගත්. අප ඒ පිළිබඳව වෙනත් දවසකින් වීඩියෝපටයකින් පැහැදිළි කිරීමක් කරන්නම්.

ස්තූතියි!



1 comment:

  1. Helpful tips for someone considering to buy a backpack. Keep up the good work!

    ReplyDelete

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...